Tuesday, October 26, 2010

හදිසි අනතුරකදී කල යුත්තේ කුමක්ද...?

හදිසි තුවාල කැඩුම් බිදුම් හා හදිසි අසනීප සදහා ප්‍රථමාධාර උවමනා වේ.එවන් අවස්ථාවල හදිසි අනතුරේ ස්වභාවය හා ප්‍රථමාධාරවල ප්‍රමුඛතා සලකා බැලීම වැදගත් වේ.හදිසි අනතුර සිදුව ඈති ආකාරය පිළිබද තොරතුරැ නොදන්නා විට,අනතුරේ හෝ අසනීපයේ තරම නොපැහැදිලි විට,හෝ අනතුරට පත් අය සිහිමුසව හෝ සිදු වු දෙය විස්තර කිරීමට අසමත් තත්වයක සිටින විට...., 
  • ඔබ අනතුරට පත් නොවන්න.තත්වය නිරීක්ෂණය කොට සෝදිසි කොට උපකාර කරන්න. (විදුලි රැහැනක් හෝ විදුලි උපකරන මගින් විදුලි සැර වැදුණ අයකු ඔබ පැන ඈල්ලුවොත් ඔබටද විදුලි සැර වැදෙනු ඈත.)
  • හැගීමි වලට වහල් නොවී සන්සුන්ව සිතන්න.(ඔබේ මව පියා දරැවා සැමියා බිරිද හෝ වෙනත් සමීප අයකු විදුලි සැර වැදී දගලනු දකින ඔබේ ක්ෂණික ප්‍රතික්‍රියාව වන්නේ වහා පැන ඒ අය ඈල්ලීම  නොව ඔබත් ආරක්ෂා වී ඒ අයත් ආරක්ෂා කර ගැනීමට සිහා කල්පනාවෙන් සුදුසු වැඩ පිළිවෙලක් යෙදීමයි.)
  •  වහාම ආධාර ඉල්ලා සිටින්න
  • ​වෛද්‍යමය ප්‍රතිකාර කළ හැකි අයකුට තත්වට දන්වන්න.මෙසේ කරන විට අනතුර සිදුවී ඈති ස්ථානය,එතනට ළගාවෙන හැටි,දුරකථනයක් ඈතොත් අංකය,අනතුරේ ස්වභාවය හා ඒ වන විට දෙමින් පවතින ප්‍රථමාධාර ආදිය දැන්විය යුතුය.
  • අනතුරට පත්ව සිටින අය ඉතා ප්‍රවේසමෙන් හිසේ සිට දෙපතුලට පරීක්ෂා කර බලන්න.
  •  ඔහුගේ ජිවිතයට තර්ජනයක් විය හැකි අධික රැධිර වහනය,හද ගැස්ම දුර්වල වීම හා හුස්ම ගැනීම දුර්වල වීම ආදිය ගැන මුලින්ම සැළකිලිමත් වන්න.ඔබ ඒ ඒ තත්වයට අදාළ ප්‍රථමාධාර දන්නේ නමි ඒවා දෙන්න.
  • අනතුරට පත් අය කමිපනයට හා බියට පත්ව ඈතොත් ඔහු සන්සුන් කරන්න.ඒ අය කමිපනයට පත් නොවන සේ සනසන්න.
  • ඔබ දන්නා ප්‍රථමාධාරවල උපරිම සීමාව වටහා ගෙන එය ඉක්මවා නොයන්න.ඔබ ප්‍රථමාධාර පිළිබද දැනුමක් ඈති අයකු මිස ​වෛද්‍යවරයකු නොවන බව මතක තබා ගන්න.
  • අනතුරට පත් අය තව තවත් හානියට පත් නොවන සේ වග බලාගන්න.ඔහු හිතු මතේ ඒ මේ අතට හැරවීම,එසවීම, හෝ නැගිටුවීම සදහා උත්සහ නොකරන්න,එයින් යන්තමට හෝ තරමක කැඩී බිදී ඈති ඈට මුළුමනින්ම කැඩී යා හැක.
  • අනතුරට පත් අය තනි කොට නොයන්න.​වෛද්‍යාධාර ලැබෙන තෙක් ඔහු අසල රැදී සිටින්න.
ඔබේ මනසට වැදගත් දෙයක් ලැබුනේනමී ඉදිරියටත් මෙවන් ලිපි ලිවීමට දිරියක් ලෙස සටහනක් තබා යන්න..
....පාසල් සෞඛ්‍යදාන ව්‍යාපාරයෙන් ලබා ගත් පුහුණුව ඈසුරිනි....

1 comments:

අනුර නිශාන්ත මාරපන ( ශා අ. උපදේශක) said...

වැදගත්ම ලිපියක් මම ගොඩක් කරුණු දැන ගත්තා
අපේ පාසල් වෙබි අඩවියට මෙ කරුණු ටික දාන්න අවසර දෙනවද
http://rathnodayahangamuwa.blogspot.com
nishanthamarapana@gmail.com
nishanthamarapana@yahoo.com

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More