Tuesday, August 31, 2010

Task Bar එකේ Start වෙනුවට ඔයා කැමති නමක්....Part 2.



මේ ලිපිය වැදගත් වන්නේ මගේ පෙර ලිපියේ මෙතනින් ගිහින් බලන්න Task Bar එකේ නම වෙනස් කරන්න ගිහින් වැඩෙ දෙල් කරගත්ත අයටයි.ඔයාලා අතින් පොඩි වැරදීමක් උනත් ඔයාලගේ පරිගණකයේ ස්ටාර්ට් බාර් එක නැති වෙලා යනවා.​නැවත යථා තත්වයට පත් කර ගන්නේ මෙන්න මෙහෙමයි.ඔයාලගේ පරිගණකයේ Key Bord එකේ Alt,Ctrl,Delete Button 3ම එකවර ඔබා Windows Task Manger Open කරන්න.දැන් Application වල New Task Click කරන්න.දැන් Brows කරලා Windows වල තියෙන regedit.exe Open කරන්න.ම​ගේ පෙර ලිපියේ පරිදි My Computer වල HKEY_LOKAL_MACHINE වල SOFTWARE වල ​Microsoft වල Windows NT වල CurrentVersion වල​ Winlogon Folder එක Click කරන්න.දැන් Name side එකේ Shell එක උඩ දෙවරක් Click කරන්න.​Edit String කියන Window එකේ Value data:පහල explorer1.exe වෙනුවට explorer.exe කියලා Type කරලා Ok කරන්න.ඔන්න දැන් වැඩෙ ගොඩ දැන් ඔයාගේ පරිගණකය Restart කරන්න...වැ​ඩෙ හරි ගියා නේද...?පහලින් ඔයාලගෙ අදහස් දක්වලා යන්න...

Task Bar එකේ Start වෙනුවට ඔයා කැමති නමක් දාමුද....?


ඔන්න අද මම කියලා දෙන්න යන වැඩෙ කරන්න පුලුවන් ඔයාලගෙ පරිගණකයේ Windows XP තියෙනවනමි විතරයි කරන්න පුලුවන්.මුලින්ම කරන්න ඕනෙ පහත ලින්ක් එක​ට ගිහින් ResHacker Download කරගන්න.
මෙතන ඔබන්න...
                  දැන් Folder Option වල View වල Hide​ extensions for known file types කියන එක Unmark කරගන්න.දැන් ResHacker Run කරන්න.ඊලගට File වලට ගිහින් open ගිහින් Windows ගිහින් explorer.exe එක Open කරන්න.‍පහත Image එකේ ආකාරයට String Table එකේ 37 Folder එකේ 1033 File එක ක්ලික් කරන්න.

 ඒ File එකේ Start කියන තැනට ඔයා කැමති නමක් දෙන්න.ඊලගට Compile Script​ Click කරන්න.දැන් Save as ගිහින් Windows වලටම explorer1.exe කියලා Save කරන්න.
                               ඔන්න දැන් වැඩෙ බාගයක් ඉවරයි.දැන් තමයි හොදම හරිය.මුලින්ම Start වල Run වල Regedit කියලා Type කරලා OK කරන්න. දැන් My Computer වල HKEY_LOKAL_MACHINE වල SOFTWARE වල ​Microsoft වල Windows NT වල CurrentVersion වල​ Winlogon Folder එක Click කරන්න.දැන් Name side එකේ Shell එක උඩ දෙවරක් Click කරන්න.​Edit String කියන Window එකේ Value data:පහල explorer.exe වෙනුවට explorer1.exe කියලා Type කරලා Ok කරන්න.ඔන්න දැන් වැඩෙ ගොඩ දැන් ඔයාගේ පරිගණකය Restart කරන්න...වැ​ඩෙ හරි ගියා නේද...?පහලින් ඔයාලගෙ අදහස් දක්වලා යන්න...

Sunday, August 22, 2010

අහිමි වු පෙම.....

අහිමි වන්නට හිමි ‍‍නොවු නු‍බ
            අහිමි වු ලෙස දැණුනෙ ඇයි ම‍ට...
හීන් සිරු‍වෙ මගේ සිත තුල
           කුමට සිතුනිද නුඔට සෙනෙහස...
නුඔට මා මෙන් මටද නුඔ ගැන
           සිතන්නටවත් අකැප වු සද...
මගේ සිත තුල ‍‍උපන් සෙනෙහස
          අදුරැ කුටියක අගුළුලමි මම...

Saturday, August 21, 2010

මොබිටෙල් ඩොන්ගල් එක Unlock කරමුද....?














ඔන්න ඉතින් මොබිටෙල් Internet ඩොන්ගල් තියෙන අයට
හොද වැඩක් කියලා දෙන්නයි දැන් හදන්නේ.ඔයාලගේ ‍ඩොන්ගල්
එක Unlock කරගන්න විදිහ කියලා දෙන්න හදන්නෙ.මටත්
මෙක යාලුවෙක් තමයි කියලා දුන්නේ. මුලින්ම කරන්න ඔයාලගෙ
Mobile Partner එක Open කරලා ඒකෙ Tools
වලට යන්න.Tools වල තියෙන Diagnostics වලට
යන්න ඒතකොට අලුත් Window එකක් එයි දැන් ඒ Window
එකට ගිහින් Device Tab එක ඔබන්න. ඒකෙ තියෙන IMEI
අංකය කොහේ හරි ලියා ගන්න. දැන් මම කියන තැන ඔයාලගෙ
ඩොන්ගල් එකේ IMEI අංකය Type කරන්න.


මම දමලා තියෙන 357133031684622 අංකය වෙනුවට
ඔයාලගෙ අංකය එතනට Type කරන්න.දැන් සම්පූර්ණ ලින්ක්
එකම කොපි කරගෙන Internet Browser එකේ
Address Bar එකට පේස්ට් කරන්න.දැන් ඒ ලින්ක් එකට
Page එක Load කරන්න.දැන් ඔයාලට මෙහෙම එකක්
ආව නේද...?


ඔන්න දැන් වැ‍‍‍ඩෙ හරි.දැන් කරන්න තියෙන්නෙ මොබිටෙල් සිමී
එක ගලවලා වෙන ජාලයක සිමි එකක් දමලා Connect
කරන්න.ඉලල්නවා නේද Unlock Code එක.දැන් ඔයාගෙ
Unlock Code එක ඇතුලත් කරන්න.වැ‍ඩෙ ගොඩ නේද?
ඔයාලගෙ වෙනත් ජාලවල ඩොන්ගල්වලටත් මෙක කරලා
බලන්නකෝ....

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More